Ai Man Awe
Ai Man Awe is a song from the album Sri Lanka Songs. The song was released in 2026. Dilu Beats, Shan Putha sang this song and Dilu Beats made the music for it. The lyrics are by Shan Putha.
Ai Man Awe Song Download
Ai Man Awe Lyrics
කාලය විසින් තීරණය කරාවි හැමදේ
දකුණතින් දුන්නු දේවල් ගාවගන්නෑ වමතේ,
මවු ගසින් දුර තනිවම බීජ පැලවේ,
අම්මා නැති දරුවොත් කොතනක හෝ කෝනක නැලවේ..
නෑ දිනුවෙ විභාග ගුරු දෙගුරුන්ගෙන් අපහාස..
පෙනුනෙනෑ සීමාව ඇවිද්දා දැනුන්නෑ පිපාස,
පාරෙම ගැවසුනාට බෝදෙ මගහැරුනාට
තැවෙන්නෑ පසුමං බලා ආපසු හැරුනාට,
බොරුවෙ අතු බෙදුනා ඇත්ත තාල වර්ගේ,
මේ ගේම ගහන්නෙ යන්න නෙමෙයි බලාගෙන ස්වර්ගේ..
දිවිනහගන්න එක නෙමෙයිනෙ බං විකල්පේ,
හිතහයිය කරං නොබලා හිටපංකො උඹ බාල්කෙ,
මුලින්ම....
පද හදන එවුන්ට වෙන්න ඕනෙ පිංසිද්ද
උඹල දැක්කෙ මගෙ දියුනුව දැක්කෙ නෑ දුක් මං වින්ද,
දැක්කෙ නෑ කොලුගැටයා පාරක් පාරක් ගානෙ ඇවිද්ද,
මම දන්නවා මේකෙ හැටි ඒකයි නොගත්තෙ හිත රිද්ද
වරදින්න මොහොතයි හරියන්න කල්ගියා,
බුදුන්ගෙන් ණයගන්න මිනිස්සු පන්සල් ගියා..
අත්පොලොසනක් දියං යන්නැතුව හූතියං..
තවකෙග්ගෙ දියුණුව දැක හිතින් උඹ ඌ වෙයං..
වහල් උනු එවුන් අපි ඇලීගෙන රාගයන්..
මුගටියා වගේම එතනදි වැරදී බං නාගයත්..
ආවගේම ජිවිතේට උන්නු බෝ දෙනාගියා..
උඹ මොනාද කරන්නෙ, Rap කිව්වම ගොඩක් අයට හිනාගියා..
තව භාදක ඇත පැනීමට..
හිතුවා ගමේ ඉඳන් උන්ට පුළුවන්නම් ඇයි මේක කරන්න බැරීමට..
දැන් අමාරුයි හැරීමට..
මං Try කරේ අම්මා තාත්තා මං ගැන මවපු ලෝකෙ දෑස් වැසෙන්නට පෙර ඔවුන්ගෙ ඇස් ඉදිරියේම මැවීමට..
මතුබුදුවන ගිහිහා ආවෙ මොන මලෙන්,
කෙලිය එකා කවුද මිනියකට ගොඩදාලා වලෙන්,
හැමේකාම උත්සහාය කුරුල්ලො දෙදෙනෙක් එක ගලෙන්,
කුහකයො ඉපදෙන්නෑ සමජයයි හැදුවෙ බලෙන්..
බෙදන්න හැදුවට උඹල අපි එකම කුලකයක්,
තලගොයා නයාට ගොදුරක් හැබැයි දෙදෙනාම උරගයන්,
ජරාමරන නොතකන මනුස්ස වර්ගයා අතර
මට මං එක්කවත් අඩුමතරමේ නෑ තරඟයක්....
වැහි මන්දාරේ
තෙමීපාරේ
මං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ.
මා නෑ දෙවියන් බාරේ
සංසාරේ...
ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ..
No comments yet.